එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා එළඹෙන ජනාධිපතිවරණයට අනිවාර්යයෙන්ම ඉදිරිපත් වන බව හෙතෙම පවසයි.
සිය නිල සමාජ ජාල ගිණුම ඔස්සේ ඔහු මේ බව ප්‍රකාශයට පත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂය මෙතෙක් සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත.
එම පක්ෂය තුළ සජිත් පිල මෙන්ම රනිල් පිල ආදි වශයෙන් සජිත් මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳ කැමති හා අකමැති අය වශයෙන් කොටස් කිහිපයකට වෙන්වී තිබෙන අවස්ථාවකදී ඔහු මේ බව ස්ථිර ලෙසම ප්‍රකාශයට පත් කර ඇත.
කෙසේවෙතත් සජිත් මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස පිළිගැනීමේ ජනහමුවක් ද පසුගිය දා බදුල්ලේ දී පැවැත්වූ අතර ඊට අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමතිවරු ගණනාවක් සහභාගි නොවූහ.
