දුම්රිය දෙකක් කොළඹ කොටුව මරදාන අතරදී ගැටේ – හතරදෙනෙකුගේ වැඩ තහනම්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොළඹ කොටුව සිට හලාවත දක්වා සහ මරදාන සිට දකුණු කළුතර දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියන් දෙකක් කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර එකිනෙක ගැටී අනතුරකට ලක්විය මරදානේ සිට දකුණ කළුතර බලා ධාවනය වූ අංක 741 දරන දුම්රිය සහ කොළඹ කොටුව සිට හලාවත බලා ධාවනය වූ අංක 412 දරන දුම්රිය දෙක මෙලෙස අනතුරට ලක්ව තිබේ.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනා ගමනයට බාධා ඇතිව තිබෙන බවද දුම්රිය පාලක මැදිරිය පවසයි.

මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුර සම්බන්ධයෙන් කළුතර බලා ධාවනය වූ දුම්රියේ රියදුර, රිය සහයක සහ දුම්රිය නියාමකවරුන් දෙදෙනාගේ වැඩ තහනම් කර තිබේ.

ඡායාරූප දුම්රිය මගීන්ගේ නිල සමූහයෙන්