දුම්රිය ව්‍යාපෘති කිහිපයක් නවතී

Picture of අසංක

අසංක

කොළඹ – මාලඹේ සැහැල්ලු දුම්රිය සේවය ඇතුළු දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් තාවකාලිකව නතර කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර ඇත.

අමාත්‍යංශ ලේකම් මොන්ටි රණතුංග මහතා සඳහන් කළේ, දැනට පවතින විදේශ විනිමය ගැටලු හේතුවෙන් මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ගේ උපදෙස් මත මේ පියවර ගත් බව අමාත්‍යාශය සඳහන් කර සිටී.

ඒ අනුව අදාළ සියලු ව්‍යාපෘති යළි සමාලෝචනය කිරීමට කමිටුවක් ද පත් කර තිබේ.

මේ යටතේ රාගම කොළඹ දුම්රිය මාර්ගය , පානදුර කොළඹ දුම්රිය මාර්ගය ඇතුළු දුම්රිය මාර්ග කිහිපයක් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති ද නැවත සලකා බැලෙනු ඇත.