දුෂ්කරතා මැඩලන්න , ශ්‍රී ලංකාව වික්‍රමාන්විතව කටයුතු කරනවා – IMF

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සංවාද මණ්ඩපයකදී අදහස් පළ කර තිබේ.

එහිදී ඇය වැඩිදුරටත් IMF සහනය ලංකාවට හිමිවීම සම්බන්ධයෙන් ද අදහස් පළ කළාය.

“මීට පෙර නොතිබූ අභියෝගවලට දැන් මුහුණදෙන සාමාජික රටවලට අප සහාය වනවා. එමෙන්ම එලෙස අවදානමට ලක්වන මැදි ආදායම්ලාභී රටවලට සහාය ඉහළ නැංවීමට අප පියවර ගෙන තිබෙනවා. ඉතා මෑතකදී යුක්රේනයට සහ ශ්‍රී ලංකාවට අපේ සහාය ලබාදුන්නා. එම රටවල් මෙම අතිශය අභියෝගකාරී දුෂ්කරතා මැඩලන්න කටයුතු කරන්නේ වීර වික්‍රමාන්විත ලෙසින්. ඔබට සහාය වීමට ලැබීම අපට භාග්‍යයක්. එම රටවල් දෙකට සහ එලෙස අභියෝගවලට මුහුණදෙන සියලු රටවලට අත්පොලසන් නාදයකින් දිරිගන්වමු. දුෂ්කරතා හමුවේ නොසැලී සිටින්න. ඔබට ඔබ සමග ඔබේ මිතුරන් සහ ඔබේ IMF සිටිනවා.”