වත්මන් රජය කාලසීමාවේ වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවට සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද (12) කැඳවා ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රතිජීවක ඖෂධ ආනයනයේදී සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති පැමිණිල්ලකට අදාළව සාක්ෂී දීම සඳහා ඒ මහතා මෙසේ කොමිසමට කැඳවා ඇත.
මීට අමතරව රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාර්ල්ස් මහත්මියට හෝ එහි වගකිවයුතු නිලධාරියෙකුට අද ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණෙන්නැයි දැනුම් දී තිබේ.
එම කැඳවීම කර ඇත්තේ මෙරට රන් ආකරවලින් ලබාගත් පස් නීතිවිරෝධීව අපනයනය සම්බන්ධයෙන් වන පැමිණිල්ලකට අදාළ ලිපිගොනු භාරදීම සඳහාය