දූෂිතම වායුව පිරි නගර ලැයිස්තුවෙන් බීජිං ඉවතට

Picture of අසංක

අසංක

ලොව දූෂිතම වායුව සහිත නගරයක් ලෙස කාලයක් පුරා විවේචනයට ලක්ව තිබු චීනයේ බීජින්ග් නගරයේ වායු දූෂණ අගය මේ වනවිට වාර්තාගත ලෙස පහල බැස ඇති බව ජාත්‍යන්තර පරිසර සංවිධාන පෙනවදේ .

ඒ අනුව ඉදිරියේදී ලොව දූෂිත නගර ලැයිස්තුවෙන් බීජින්ග් නුවර , ඉවත් කිරීමට කටයුතු යෙදිය යුතු බව මෙම පරිසර සංවිධාන පවසති.

වායු දූෂණය සඳහා මූලික වන‍ කර්මාන්ත වසා දමා පරිසර හිතකාමී ලෙස ඒවා ස්ථානගත කිරීම, ඉන්ධන හා විමෝචන ප්‍රමිතීන් වැඩිදියුණු කිරීම මෙන්ම නගරයේ සහ අවට ප්‍රදේශවල ගල්අඟුරු පරිභෝජනය අඩු කිරීමට චීනය පියවර ගෙන තිබෙන අතර මෙම පියවරයන් හරහා ඇති සාර්ථක ප්‍රතිඵල මේ වනවිට ලැබී ඇති බවද වාර්තාවේ.