දෙමටගොඩ STF මෙහෙයුමක්- පාතාලේ චමින්දගේ සොයුරා පලායයි- නිවසින් මත්කුඩු හා ආයුධ තොගයක්

Picture of අසංක

අසංක

පාතාල කල්ලි නායකයකු වූ දැනට මරණ දඩුවම ලබා සිරගතව සිටින දෙමටගොඩ චමින්දගේ සොයුරා සොයා මේ වනවිට පොලිස් විශේෂ කාර්ය බළකා මෙහෙයුමක් දියත් වෙයි.

දෙමටගොඩ වේලුවන පාරේ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මේ මොහොතේ සිදුකරන විශේෂ සෝදිසි මෙහෙයුමේදී දෙමටගොඩ චමින්දගේ සොයුරා වන රුවන්ට අයත් නිවසක තිබී ගිනි අවි හා මත්කුඩු තොගයක් හමුවී තිබිණ.

සෝදිසි මෙහෙයුම අතරතුර එස්ටීඑෆ් නිලධාරීන් නිවසට ගිය අවස්ථාවේදී රුවන් නමැත්තා පලාගොස් ඇති අතර එම ප්‍රදේශය ආවරණය කරමින් පොලිස් විශේෂ කාර්ය බළකාය මෙහෙයුම දියත් කරමින් සිටියි.

හමුවූ නීතිවිරෝධී භාණ්ඩ තොගය අතර හෙරොයින් සහ කොකේන් මත්කුඩු, ගිනිඅවි 4ක් තිබූ බව වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී දෙමටගොඩ චමින්ද මරණ දඩුවම ලබා සිරගතව සිටින්නෙකි.

දම්පත් රණසිංහ