එළඹෙන මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයට සහය දක්වන බව දෙමළ ප්රගතිශීලී සන්ධානය අද (26) දිනයේදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.
ඒ නුව එම මැතිවරණයේදී ප්‍රදේශ රැසකට එම සන්ධානය සමගි ජනබලවේගය හා එක්ව තරඟ වදිනු ඇත.
දෙමළ ප්රගතිශීලී සන්ධානය යනු කම්කරු ජාතික පෙරමුණ, කඳුරට ජනතා පෙරමුණ සහ ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණ යන පක්ෂ තුනෙහි එකමුතුවකි.
වී. රාධා ක්‍රිෂ්ණන්, පලනි දිගම්බරන් සහ මනෝ ගනේෂන් යන මහත්වරුන් එම පක්ෂවල නායකත්වය දරයි.