ප්‍රබෝධා හෙට්ටිආරච්චි
දෙවනගල පර්වතය ආශ්රිත මීටර් 400ක ප්‍රේරණ කලාපයක් ඇති කිරීම සඳහා වූ සාකච්ඡාවක් ඊයේ (24) පැවැත්වෙන අතරතුර ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියේය.
ඒ අතරමග නතර වූ අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වු සභාවේ කටයුතු සම්පූර්ණයෙන් විකෘති කිරීම පිළිබඳව ය.
මෙම සාකච්ඡාව සඳහා ප්‍රදේශයේ ආගමික නායකයින්, සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා, ප්‍රදේශීය සභා මන්ත්‍රිවරු, බුද්ධශාසන අමාත්‍යාංශයේ නිලධාරීන්, පුරාවිද්‍යා නිලධාරීන් සහ දෙවනගත අවට ගම්මාන 3ක ජනතාව එක්ව සිටියහ.
පවතින තත්ත්වය ගැන අරණායක ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වන අජන්ත දිසානායක මහතාගේ අදහස් දැක්වීමට විහාරාධිකාරී මැදිරිගිරියේ පුණ්‍යසාර හිමි විරෝධය පළ කළහ.
ඒ සමග මෙම උණුසුම්කාරී තත්ත්වය හටගත් අතර තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් කණ්ඩායමක් ද කැඳවීමට සිදුවිය.
උණුසුම් තත්ත්වය අතරතුර පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජන්ත දිසානායක මහතාගේ කමිසයේ කොලරයෙන් අල්ලා බැණවැදීමක් සිදුකරන අයුරුද දිස්වුණි.
කෙසේ වෙතත් එම සාකච්ඡාව අවසාන වූයේ අතරමඟ නතර වීමෙනි.