දෙවැනිවර තරඟ කිරීම ගැන තීරණය දියයුත්තේ ජනතාවයි – ජනාධිපති ගෝඨාභය

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉදිරි ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වීම හෝ නොවීම තීරණය කරන්නේ ජනතාව බව ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටී

තමන් නැවත ජනාධිපතිවරනයට ඉදිරිපත් වෙන්නේ නැතැයි කියා සමහරුන්  කලබල වී ඇතැයිද  ගෝඨාභය රාජපක්ෂ මහතා අද නුවරඑළිය වලපනේ ප්‍රදේශයේ පැවැත්වූ ගම සමග පිලිසදරක් වැඩසටහන අමතමින් පැවසීය

ජනතාව තමන් පත් කළේ මාස 60 ක කාලයකට බවත්  බවත් කී ඒ මහතා  එය තීරණය කළේද  ජනතාව විසින් බවත් මෙහිදී  පැවසීය.

එනිසා මෙම මාස 60 තුල තමනට පැවරුණු වැඩ කොටස සිදුකරන බවද පැවසූ ඔහු දැනට තමන්ගේ ධුර කාලයෙන් මාස 14 ගතවී ඇති බවත් තවත් හොඳ කාලයක් ඉතිරි වී ඇති බවත් කියා සිටියේය.

blob:https://www.facebook.com/e561f013-dc31-4ccb-81e5-001b0abece27