ප්‍රබෝධා හෙට්ටිආරච්චි
මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන 2,600 ඉක්මවමින් දෙවැනි දිනටත් ඊයේ (10) 2,624ක් හමුවී තිබේ.
විදේශවලින් පැමිණ මෙරට නිරෝධායනය වෙමින් සිටියදී කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වූ පුද්ගලයන් ද ඊට අයත් වේ.
පෙරේදා දිනයේදී හමුවී ඇති මුළු ආසාදිතයින් ගණන 2672ක් විය.
මේ අනුව මෙරටින් හමුවූ මුළු ආසාදිතයින් ගණන 128530කි.
ඉන් 105611ක් සුවවී ඇත.
මෙරට සිදුවූ සමස්ත කොවිඩ් මරණ ගණන 801කි.