දේශපාලන දැන්වීම් ට්විටර් අත්හිටුවයි

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ට්විටර් විධායක අධ්‍යක්ෂ ජැක් ඩොර්සි ප්‍රකාශ කලේ ශ්‍රී ලංකාවද ඇතුළු ලෝකයේ කිසිදු රටක දේශපාලන දැන්වීම් “ට්විටර්” සමාජ මාධ්‍යයේ පල කිරීම අත්හිටුවීමට ට්විටර් සමාගම තීරණය ඇත.

ඒ අනුව ඉදිරියේදී ට්විටර් මගින් කිසිදු අයුරක දේශපාලන දැන්වීමක් පළ කිරීමට අවසර නැත.

මේ පිළිබඳව අදහස් දක්වමින් ට්විටර් විධායක අධ්‍යක්ෂ ජැක් ඩොර්සි මහතා මාධ්‍ය වෙත පවසා ඇත්තේ මෙම තීරණය මගින් කිසිවෙකුගේත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි කිරීමට තමන් උත්සහා නොකරන නමුත් ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමටනම් පවතින ක්‍රමය වෙනස් විය යුතු බවයි.

එළැඹෙන නොවැම්බර් මස 22 වන දින සිට මෙම තීරණය ක්‍රියාත්මක වන අතර එමගින් ඉදිරියේදී පැවැත්වෙන්නට නියමිත එංගලන්ත මැතිවරණයට දැඩි බලපෑමක් එල්ල කෙරෙනු ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරයි.

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ මැතිවරණ ප්‍රචාරක කණ්ඩායම පවසන්නේ මෙම තීරණය අභූත ක්‍රියාවක් බවත් කන්සවේටිව් පාර්ෂවය නිහඩ කිරීමේ අරමුණින් ගත් තීරණයක් බවකි