දේශපාලන පළිගැනීම් කොමිසමේ කොමසාරිස්වරුන්ට එරෙහිව  සජබෙන් අගවිනිසුරුට පෙත්සමක් 

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
දේශපාලන පළිගැනීම්  පිළිබඳව සොයාබැලූ කොමිසමේ කොමසාරිස්වරු තිදෙනාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ විමර්ශනයක් සිදුකරන ලෙස සමගි ජන බලවේගය විසින් ඊයේ (02) අගවිනිසුරුවරයා වෙත පෙත්සමක් භාර දී තිබේ.
ඒ එම කොමිසමේ වාර්තාව මඟින් නිකුත් කර තිබෙන ඇතැම් නිර්දේශවලින් ශ්‍රේෂ්ඨාධිකරණය සතු බලතල පැහැර ගැනීමක් සිදු වී තිබෙන හෙයින් එමගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ බලතල හෑල්ලුවට ලක්කර ඇති බවය.
සමගි ජන බලවේගය පක්ෂ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 40 දෙනෙකු විසින් අත්සන් කරනු ලැබූ එම පෙත්සම ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරී කාර්යාලයට භාර දුනි.
හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, චන්ද්‍රසිරි ජයතිලක සහ චන්ද්‍රා ප්‍රනාන්දු යන අය  එම කොමිසමේ කොමසාරිස්වරු වශයෙන් කටයුතු කරන ලදී.