පැතුම් වික්‍රමරත්න
දේශීය කුළුබඩු ‘සිලෝන් ස්පයිස්’ යන වෙළෙඳ සන්නාමය යටතේ අපනයනය කිරීමට
අපනයනය සංවර්ධන මණ්ඩලය පියවර ගෙන ඇත.
ඒ හරහා මෙරට කුළුබඩු අපනයනය ඉහල නැංවීමට අපේක්ෂා කරන බවද එම මණ්ඩලය සඳහන් කර සිටී.
2020 වසර වනවිට කුළුබඩු අපනයනයෙන් අමෙරිකානු ඩෝලර් මිලියන 22 ක් උපයා ගැනීම තම ඉලක්කය බවද මණ්ඩලය සඳහන් කර සිටී.
ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති කුළුබඩු සඳහා ලෝක වෙළෙඳපොළේ පවතින ඉල්ලුම වර්ධනය වෙමින් ඇති බව ද අපනයනය සංවර්ධන මණ්ඩලය සඳහන් කළේ ය.