දේශීය ණය පිළිබඳ යෝජනාව සම්මතයි

Picture of අසංක

අසංක

දේශීය ණය ප්‍රශස්තකරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරන ලද යෝජනාව සංශෝධිත ආකාරයෙන් මීට ටික වේලාවකට පෙර සම්මත විය.

එම යෝජනාවට පක්ෂව ඡන්ද 122ක් ලැබී තිබුණි.

ඊට විපක්ෂව ඡන්ද ලැබී තිබුණේ 62ක් පමණි.

අදාළ යෝජනාව අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඉන් අනතුරුව දිනය පුරා මැතිසබේ විවාදය පැවැත්වුණු අතර ඊට අදාළ ඡන්ද විමසීම මීට ටික වේලාවකට අවසන් කොට පාර්ලිමේන්තුව කල් තැබිණි.