දේශීය බෙර කලාව ලෝකයට ගෙන ගිය මහා කලාකරුවා සමුගනී

Picture of අසංක

අසංක

දේශීය බෙර කලාව ලෝකය පුරා බැබළවූ, දෙස් විදෙස් වෘත්තීය කලාකරුවන් රැසකගේ ගුරුවරයා වූ කථිකාචාර්ය පියසාර ශිල්පාධිපති මහතා අභාවප්‍රාප්ත විය.

ගැවුල නම් වන අතින් හා කඩිප්පුවෙන් වාදනය කරනු ලබන දේශීය බෙරයේ නිර්මාතෘවරයා වන්නේ ද පියසාර ශිල්පාධිපතීන් ය.

කොළඹ, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයන්හි බාහිර කථිකාචාර්යවරයකු ලෙසත් කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස ඔහු කලක් සේවය කළේය.

සාම්ප්‍රදායික බෙර කලාව සුපෝෂණය කිරීමට සිය ජීවිත කාලය පුරාම අතිමහත් මෙහෙවරක නිරත වූ ඒ ශ්‍රේෂ්ඨ කලාකරුවාන් මිය යන විට 75 වන වියේ පසුවිය.

පියසාර ශිල්පාධිපති විසින් ලෝකයට දායාද කළ දේශීය බෙරය – ගැවුල