කොරෝනා අසාධිතයින් හඳුනාගැනීම සඳහා මෙරට තුල දිනකට සිදුකරන පී සී ආර් PCR පරීක්ෂණ සංඛ්‍යාව දහස දක්වා ඉහල නැංවීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර යොදා ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙසේ පී සී ආර් පරීක්ෂණ ප්‍රමාණය ඉහල නැංවීමට අමාත්‍යංශය තීරණය කර ඇත.
ඒ අනුව එම පරීක්ෂණ සිදුකිරිම සඳහා පෞද්ගලික අංශයේ සහය ලබා ගැනීමටද අමාත්‍යංශය මේ වනවිට තීරණය කර ඇත.
එහිදී ඉදිරියට ඩර්ඩන්ස් රෝහල, නවලෝක රෝහල, ආසිරි රෝහල සහ ලංකා රෝහල විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දෙන සාම්පල් පරික්ෂා කිරිම සිදුකරනු ලබන බව වාර්තාවේ.
මෙම එක් රෝහලකින් දිනකට සාම්පල් 100ක් පරික්ෂා කිරිමට හැකි බව සඳහන් කර ඇත.
මේ වන විට මෙරට PCR පරීක්ෂණ සිදුකරනු ලබන මධ්‍යස්ථාන 13ක් ඇත .