දෝෂාභියෝග ඡන්ද විමසීමකින් ට්‍රම්ප් පරාදයි

Picture of අසංක

අසංක

ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී ඊයේ පැවැති දෝෂාභියෝග ඡන්ද විමසීමෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත්විය.

එහිදී දෝෂාභියෝගයට පක්ෂව ඡන්ද 230 ක් හිමි වූ අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 197 කි.

සිය බලතළ අනිසි ලෙස භාවිත කිරීම සහ කොංග්‍රසයේ ක්‍රියාවලියට බාධා කිරීම යන චෝදනා ජනපති ට්‍රම්ප්ට එල්ල වී තිබිණ.

ඒ අනූව දෝෂාභියෝගයට අදාළ සෙනට් නඩු විභාගය ලබන ජනවාරියේදී ඇරඹෙනු ඇත