ද.කැලිෆෝනියාවේ සෑම විනාඩියකම භූ කම්පනයක්

Picture of අසංක

අසංක

දකුණු කැලිෆෝර්නියාවේ පසුගිය දින කිහිපය තුළදී සෑම විනාඩියකම භූ කම්පනයක් සිදුව තිබේ.

පසුගිය 4 වැනිදා එහි සිදුවූ රිච්ටර් මාපකයේ ඒකක 6.4ක භූ කම්පනයෙන් අනතුරුව ගතවූ පැය 100 තුළ සුළු භූ චලන 5400ක් සිදුවූ බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

ඒ අනුව ගත් කළ සෑම මිනිත්තු 1යි තත්පර 7කට වරක් භූ චලනයක් සිදුව තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා සිට දකුණු කැලිෆෝර්නියාවේ මෙම භූ කම්පන හටගත් අතර ඊයේ වනවිට භූ කම්පන සිදුවන භූමි ප්‍රදේශය ක්‍රමයෙන් විශාල ප්‍රදේශයක් දක්වා පැතිරෙමින් ඇත.

ඒ අතරතුර ඒකක 7.1 වැනි ප්‍රබල භූ කම්පන ද සිදුවීම බරපතළ තත්ත්වයකි.

සිකුරාදා දිනයේ සිදුවූ ප්‍රබල භූ කම්පනය පෙරදිනට වඩා 11 ගුණයකින් ප්‍රබල බව බලධාරීන් සඳහන් කරයි.

පසු කම්පන තත්ත්වයන් තවමත් සිදුවෙමින් පවතී.