ප්‍රබෝධා හෙට්ටිආරච්චි
පළමු COVID-19 එන්නත ලබා දී මාස හයක් ගත වූ පසු, ඉහළ ආදායම් ලබන රටවල් ලෝකයේ නිෂ්පාදිත සියලු මාත්රාවලින් 44% කට ආසන්න ප්‍රමාණයක් ලබා ගෙන ජනතාවට ලබාදී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් අද්නාම් පවසයි.
අඩු ආදායම්ලාභී රටවල් එන්නත් ලබාදී ඇත්තේ 0.4% ක් පමණක් බවත් මෙම දත්තවල වඩාත්ම කනගාටුදායක දෙය නම් මාස කිහිපයකින් හෝ මෙම සංඛ්‍යාලේඛනවල දත්ත වෙනස් වී නොමැති වීම බව ඔහු සදහන් කර ඇත.
COVID-19 වසංගතය මර්දනයට ගෝලීයව බලපා ඇති එන්නත් අසමානතාවය “මාර්ග දෙකේ වසංගතයක්” නිර්මාණය කර ඇති බවත් ධනවත් රටවල් එන්නත් මිලදීගෙන ආරක්ෂා වෙද්දී දිළිදු රටවලට එන්නත ලබාගත නොහැකිව කොවිඩ් උත්සන්න වෙමින් ඇති බවටත් ඔහු කියාසිටී.
ජිනීවා නුවර පැවති මාධ්‍ය හමුවකදී ටෙඩ්රොස් වාර්තාකරුවන්ට පැවසුවේ “වැඩි වැඩියෙන් අපට පෙනීයන්නේ මෙය පීලි දෙකක වසංගතයක් බවයි”.