ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ට සිඩ්නි අධිකරණයක් මගින් ඇප ලබාදී තිබේ.
අධිකරණයට ගුණතිලකගේ නීතිඥයින් දන්වා ඇත්තේ සැකකරු ට සහාය වීමට ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් වී ඇති බවය.
ඒ අනුව ඩොලර් 150,000ක පුද්ගලික ඇපයක් මත ධනුෂ්ක ව ඇපමත නිදහස් කිරීමට අධිකරණය නියෝගකර තිබේ.
23
Views
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි පිහිටි ඩෝව්නින් අධිකරණය විසින් ඇප ලබාදී තිබෙනවා.
ලිංගික අපචාර චෝදනා මත සිර දඬුවම් විදිමින් සිටි ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ රජයේ සහය හිමිවන බවට අධිකරණය හමුවේ දැනුම් දී ඇති අතර ඔහු වෙනුවෙන් ඩොලර් 150,000 ක ඇපයක් තබන බවට ද දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
මීට අමතරව දෛනිකව පොලිසියට වාර්තා කිරීම, රාත්‍රී 9 සිට උදේ 6 දක්වා පිටතට යෑම තහනම් කිරීම, පැමිණිලිකරු සම්බන්ධ කර නොගැනීම සහ ටින්ඩර් ඇතුළු Dating ජංගම දුරකථන යෙදුම් වලට ප්‍රවේශවීම තහනම් කිරීම ඇතුළු කොන්දේසි මත ඔහුට ඇප නියම කර ඇති බවයි වාර්තා වන්නේ.
31 හැවිරිදි ධනුෂ්ක ව පසුගිය 06 වනදා සිඩ්නි පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැනුණි.
ඒ 29-හැවිරිදි තරුණියක් කළ පැමිණිල්ලකට අනුවය.
එහිදී අය සඳහන් කර තිබුණේ ධනුෂ්ක විසින් තමාව “තම කැමැත්ත නොමැතිව” සිව් වතාවක් ලිංගික අපයෝජනයට ලක්කළ බවය.
එම සිදුවීම සිදුකර තිබුණේ නොවැම්බර් 02 වනදා, එම තරුණියගේ නිවසේදී බව අධිකරණයේදී හෙළිවිය.