නකල්ස් රක්ෂිතයේ , පන්විල ඉහළ කලාපයේ සිදුකෙරෙන අනවසර එළිපෙහෙළි කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ නිලධාරීන් කණ්ඩායමක් යොමුකිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත
පැවසුවේ සංරක්ෂිතයට වනාන්තරයට අදාළව නීති විරෝධී කටයුත්තක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවද .වන සංරක්ෂක ජනරාල් ඩබ්ලිව්.ඒ.සී. වේරගොඩ මහතා මාධ්‍ය වෙත අද පැවසීය
පරිසර නීති උල්ලංඝණය කරමින් නකල්ස් රක්ෂිතය තුළ පන්විල ඉහළ කලාපයේ අක්කර 5 කට ආසන්න භූමි ප්‍රදේශයක් එළිපෙහෙළි කිරීමේ සිදුවීමක් ඊයේ වාර්තා විය.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රදේශය භාර නිලධාරීන් කළ සොයා බැලීමකදී අනාවරණ වී ඇත්තේ එළවළු වගාවක් සඳහා එම එළිපෙහෙළි කිරීම සිදුව ඇති බවයි.
එළිපෙහෙළි කිරීම්වලට සම්බන්ධ පුද්ගලයින් එය පෞද්ගලික ඉඩමක් බව පවසා ඇතත් ඊට අදාළ ලිපිලේඛන කිසිවක් අදාළ ආයතන වෙත ඉදිරිපත් කර නොමැත.