නරේන්ද්‍ර මෝදි ද රාහුල් ගාන්ධි ද ඉන්දියානු ජනතාවගේ අවසන් තීරණය අද

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉන්දියානු මහ මැතිවරණයේ අවසන් අදියර ඡන්ද විමසීම අද පැවැත්වේ. ප්‍රාන්ත 13 ක් කේන්ද්‍ර කර ගනිමිනි. ඒ අනුව පන්ජාබ්, උත්තර ප්‍රදේශ්, බටහිර බැංගලෝරය, බිහාර්, මධ්‍ය ප්‍රදේශ්, හිමාචල්, ජාර්ඛන්ද් සහ චන්දිගර් යන ප්‍රාන්තවල මැතිවරණ ආසන 59 ක අද ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති.

ඒ සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් ගණන 918 කි.අද ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව කෝටි 10 ඉක්මවා ඇත. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිවරණයට ඉදිරිපත්ව සිටින වරනාසී ආසනයේ ඡන්ද විමසීම ද අද පැවැත්වීම විශේෂත්වයකි. අග්‍රාමාත්‍යවරයා මෙවර මැතිවරණයට තරග කරන්නේ සිය දෙවැනි ධූර කාලය වෙනුවෙනි.

කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි ඔහුගේ ප්‍රබල ප්‍රතිවාදීයා ලෙස මහ මැතිවරණ සටනට ඉදිරිපත්ව සිටි.

අද උදෑසනවන විට සමීක්ෂණ වාර්තා සදහන් කලේ මේ වන විට වර්ථමාන අගමැති නරේන්ද්‍ර මෝදී ඉදිරියෙන් සිටින බවයි. ඒ අතරම තවත් මාධ්‍ය වාර්තා පවසන ආකාරයට රාහුල් ගාන්ධිද මේ වන විට ප්‍රභල ස්ථානයක පසුවන බවයි. කෙසේ වුවද කෝටි 900 ක් වූ ඉන්දියානු ජනතාවගේ අවසාන තීරණය නරේන්ද්‍ර මෝදී ද රාහුල් ගාන්ධි ද යන්න ලබන 23 වැනිදා  ඉන්දියානු මැතිවරණ කොමිසම ලබන 23 වැනි දා නිවේදනය කරනු ඇත.