මුළු රටම වසා දමමින් දැනට ක්‍රියාත්මක කර ඇති දැඩි දුරස්ථකරන නීතී , ලබන සඳුදා (27 ) දින සිට මදක් ලිහිල් කිරීමට නවසීලන්ත රජය තීරණය කර ඇත .
දැනට රට තුල පනවා ඇත්තේ හතරවන මට්ටමේ දුරස්ථකරන නීති වන බවත් එය එළඹෙන සතියේ සිට තුන්වන මට්ටම දක්වා ලිහිල් කරන බවත් නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩන් මහත්මිය සඳහන් කර ඇත.
එම තෙවන මට්ටමේ නීති රෙගුලාසි සති දෙකක පමණ කාලයක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ඉන් අනතුරුව මැයි 11 දින සිට එම තත්වයද තවදුරටත් ලිහිල් කිරීම පිළිබඳව අවධානය යොමු කරන බවත් ඇය සඳහන් කර ඇත .
මේ වනෛව්ට රට තුල කොරෝනා ව්‍යාප්තිය යම් මට්ටමකින් පාලනය කරගැනීමට හැකිව ඇති බවත් මේ තත්වය දිගටම පවත්වා ගත හැකි වුවහොත් සාර්ථක ඵල ලබාගැනීමට හැකිවන බවත් ය මාධ්‍ය වෙත වැඩි දු රට සඳහන් කර ඇත,