නවසීලන්තය තුල නැවත වරක් මේවනවිට කොරෝනා බියක් හටගෙන තිබීම හේතුවෙන් එරට මහ මැතිවරණය කල්යන ලකුණු මතුව ඇත.
දින 100 කට පසු පළමු වරට නව්‍ය කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු හමුවීමත් සමග නවසීලන්තයඕක්ලන්ඩ් නුවර මේවනවිට සංචරණ සීමා පනවා ඇත.
ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් යළිත් වරක් සිතා බලා ඒ සම්බන්ධයෙන් පසුව දැනුම්දෙන බව නවසීලන්තයේ අග්‍රාමාත්‍ය ජසින්තා ආඞ්න් අද මාධ්‍ය වෙත පැවසුවාය .
නවසීලන්තයේ මීළඟ මහ මැතිවරණය ලබන මස 19 වැනිදා පැවැත්වීමට දින නියම කර ඇත