නවසීලන්තයේ තවදුරටත් කොරෝනා ආසාදිත රෝගීන් වාර්තා නොවේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නවසීලන්තයේ කොරෝනා සක්‍රීය ආසාදිත වූ රෝගීන් දින 17 කින් වාර්තා වී නොමැති අතර අවසන් වරට වාර්තා වූ පුද්ගලයා

වෛරසයෙන් සුවය ලබා ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඕක්ලන්ඩ් ප්‍රාදේශීය මහජන සෞඛ්‍යය නිලධාරීන් විසින් අමාත්‍යාංශයට දැනුම් දී ඇත්තේ එහි ප්‍රතිකාර ලබන ආසාදිතයා

පැය 48ක් පුරා රෝග ලක්ෂණ රහිතව සිටින බවත් ඔහුද යථා තත්ත්වයට පත්ව ඇති බවත්ය.

මෙම පුද්ගලයා මේ වනවිට නිරෝධායනය සඳහා නිදහස් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශයක් පවසයි.

මේ වන විට නවසීලන්තයේ වාර්තා වූ නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,504කි.

වෛරසය ආසාදිත වූ පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මේ වනවිට සුවය ලබා ඇති පිරිස 1,482කි.

සක්‍රීය රෝගීන් කිසිවෙකු නැත.