නව කොවිඩ් විකෘති‍‍‍‍‍‍‍ය  ශ්‍රී ලංකාවට පැතිරෙන  අවදානමක් 

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
මහා බ්‍රිතාන්‍යයෙන් පසුගියදා වාර්තා වූ කොවිඩ්- 19 වෛරසයේ නව ප්‍රභේදය මේ වනවිට  ඉන්දියාවෙන්ද වාර්තා වන අතර එම  වෛරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් හය දෙනෙක්   එරටින්  හඳුනාගෙන ඇත.
මෙම වෛරසය ඉන්දියාවට පැමිණීමත් සමග ශ්‍රී ලංකාවටද එහි බලපෑම් එල්ලවීමේ අවදානමක් මතුව ඇත .
ඊට හේතුව වන්නේ කෙතරම් බාධක දමා තිබියදී වුවද දකුණු ඉන්දියාව සහ මෙරට මුහුදු තීරය අතර තවමත් විවිධ නීතිවිරෝධී ගනුදෙනු සිදු වීමයි.
මෙම පිරිස, පසුගියදා මහා බ්‍රිතාන්‍යයේ සිට ඉන්දියාවට පැමිණි ගුවන් යානයක සිටි මගීන් පිරිසක් බව වාර්තාවේ.
‍මෙම නව ප්‍රභේදය මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වීමත් සමග බොහෝ රටවල් ගුවන් ගමන් සබඳතා අත්හිටුවීමට පියවර ගත් අතර ඉන්දියාවද ඉන් එක් රටකි. කෙසේ වෙතත් එම පියවර ගන්නා විටත් මහා බ්‍රිතාන්‍යයේ සිට 33,000 කට අධික පිරිසක් ඉන්දියාව වෙත පැමිණ ඇත.