මෙරට 35 වැනි පොලිස්පතිවරයා මේ සතියේ පත්කිරීමට නියමිත බව වාර්තා වේ.
මෙතෙක් පුරප්පාඩුව පැවති පොලිස්පති ධුරයේ කටයුතු කරමින් වසර එකහමාරකට අධික කාලයක් වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන්නේ සී.ඩී. වික්‍රමරත්න මහතා ය.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව අනිවාර්ය නිවාඩු යවා අත්අඩංගුවට ගෙන තිබුණි.
2016 අප්‍රේල් 20 පොලිස්පති ධුරයට පත්වූ ජයජයසුන්දර මහතා වයස අවුරුදු 60 සම්පූර්ණ වීමත් සමග පසුගිය මාර්තු 15 වැනිදා විශ්‍රාම ගියේය.
එදා සිට මේ දක්වා පොලිස්පති ධුරය පුරප්පාඩුව පැවති අතර වැඩබලන පොලිස්පතිවරයා එම ධුරයේ කටයුතු සිදුකළේය.