නව පොලිස් ස්ථාන 190 ක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දැනට ලංකාවේ පොලිස් ස්ථාන 494 තිබෙන බවත් බියෙන් සැකෙන් තොර සමාජයක් බිහි කිරීම සඳහා නව පොලිස් ස්ථාන 190 ක් ස්ථාපිත කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවැසීය.

අයියන්කන්කුලම් නව පොලිස් ස්ථානය විවෘත කිරීමෙන් අනතුරැව ඔහු මේ බව පැවැසීය.

ඉන් පළමු පොලිස් ස්ථාන දෙක ලෙස මරදන්කේනි හා අයියන්කන්කුලම් උතුරු ප්‍රදේශය ආශ්‍රිතව ස්ථාපිත කළ අතර ප්‍රදේශයේ ජනතාවට පොලීසියෙන් ඉටුවිය යුතු රාජකාරි කර ගැනීම සඳහා බොහෝ දුරක් ගමන් කිරීමට සිදු වෙන නිසා අතරමැද මේ වගේ පොලිස් ස්ථාන බිහිකළ බව අමාත්‍යවරයා පැවසීය.