නව රජය සමග ඉන්දියාව ඉතා සමීපව කටයුතු කරනවා

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකාවේ නව රජය සහ පාර්ලිමේන්තුව සමඟ ඉතා සමීපව කටයුතු කිරීමට ඉන්දීය රජය දැඩි කැමැත්තකින් හා කැපවීමකින් සිටින බව මෙරට ඉන්දීය මහකොමසාරිස් සහ කැපවීම අවධාරණය කළේ ගෝපාල් බාග්ලේ මහතා අවධාරණය කර සිටී .

මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබා ගත් විශිෂ්ඨ ජයග්‍රහණයට සුබ පැතීම ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේ බාග්ලේ මහතා මේ බව සඳහන් කර ඇත .

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා මෙරට මැතිවරණය සාර්ථකව පැවැත්වීම වෙනුවෙන් ශ්‍රී ලාංකික ජනතාවට සහ රජයට සිය ප්‍රසාදය පළ කළ බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් මැතිවරණ ජයග්‍රහණයට සුභාසිංශන එක් කළ බවද මහ කොමසාරිස්වරයා මෙහිදී සිහිපත් කර ඇත .

දෙරට අතර පුළුල් ද්විපාර්ශවික සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය රජය කැපවන බවත් මේ වෙනුවෙන් ශ්‍රී ලංකා නායකත්වයේ මඟ පෙන්වීම තවදුරටත් අපේක්ෂා කරන බවත් බාග්ලේ මහතා ප්‍රකාශ කර ඇත .