නව සන්ධානය ගැන මහින්ද-මෛත්‍රී හමුවක්

Picture of අසංක

අසංක


මහ මැතිවරණය සඳහා තරග වදින නව සන්ධානය පිළිබඳ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර තීරණාත්මක සාකච්ජාවක් අනිද්දා (18 වැනි දා) පැවැත්වීමට නියමිතය .


එම සාකච්ඡාවේදී දැනට පවතින අන්‍යෝන්‍ය දුරවබෝධයන් දුරු කර නව සන්ධානය පිළිබඳ එකඟතාවයකට පැමිණීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා අප වෙබ් අඩවියට පැවසීය .


මේ සඳහා දෙපාර්ශවයේම ඉහල නිලධාරීන් කිහිපදෙනෙකුම සහභාගිවීමටද නියමිතය