නාගොඩ මාපලගම පිරිවෙන් විහාරාධිපති හිමිනම ඝාතනය කෙරේ – ගිහි ආවතේවකරු පලාගිහින්

Picture of අසංක

අසංක

නාගෝඩ, මාපලගම විද්‍යාතිලක පිරිවෙනෙහි විහාරාධිපති හිමියන් ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ විහාරස්ථානයේ ආවතේව කරමින් සිටි ගිහි ගෝලයකු විසින් පහර දී විහාරාධිපතිවරයා ඝාතනය කර ඇති බවය.

ඝාතනයට ලක්ව ඇත්තේ මාපලගම ගුණසිරි හිමියන් ය.

මුදල් ආරවුලක් මත සිදුවූ බහින්බස්වීමක් දුරදිග යාම මීට හේතුවන්නට ඇති බව පැවසේ.

ඊයේ රාත්‍රි 8ත් අද අලුයම 5ත් අතර ඝාතනය සිදුවූ බවට සැකකෙරේ.

සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු සොයා විමර්ශන ක්‍රියාත්මකයි.