නාලක සිල්වාගෙන් දින 3ක් තිස්සේ සහරාන්ලා ගැන විමසයි

Picture of අසංක

අසංක

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා දින 3ක් තිස්සේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ ජනපති කොමිසමේ විමර්ශන අංශය වෙත ප්‍රකාශ ලබාදී තිබේ.

ඒ ප්‍රහාරය සිදුකළ සහරාන් හෂීම් සහ ඔහුගේ කල්ලිය සම්බන්ධයෙන් ගන්නා ලද ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳව ය.

නාමල් කුමාර නනමැත්තකු විසින් කරන ලද අනාවරණයක් හේතුවෙන් නාලක සිල්වා මහතා අත්අඩංගුවට ගෙන මාස තුනක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර මේ වනවිට ඇප මත මුදාහැර සිටියි.