නාවික හමුදාවේ අවියක් මුහුදේ

Picture of අසංක

අසංක

තලෙයිමන්නාරම සිව්වැනි වැලිපරයේ දී නීති විරෝධිව මෙරටට පැමිණ තිබුණු ඉන්දියානු බෝට්ටුවක් පරීක්ෂා කිරමින් සිටියදී නාවික සෙබලෙකු අත වූ ටී 56 වර්ගයේ අවියක් පතොරම් 30ක් සමඟ මුහුදට වැටී තිබේ.

මන්නාරම නාවික හමුදා කදවුරේ ලුතිනන් කමාන්ඩර් වරයෙකු විසින් මේ සම්බන්ධයෙන් මන්නාරම පොලීසියට ඊයේ පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇත.

එහි දැක්වෙන්නේ පසුගිය 06 වෙනිදා මෙම ගිනි අවිය මුහුදට වැටී අතුරුදන් වූ බවය.