නාවික හමුදාවේ කොරෝනා මර්දන මෙහෙයුම් අඛණ්ඩවම

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නාවික හමුදාව  කොවිඩ් – 19 මර්ධනය කිරීමේ මෙහෙයුම් වලින් තාවකාලිකව ඉවත්වී ඇති බවට සමාජ මාධ්‍ය ජාලා සහ ‍පුවත් වෙබ් අඩවි කිහිපයක අසත්‍ය තොරතුරු පලකර ඇත. කොවිඩ් – 19 මැඩලීමේ ජාතික යාන්ත්‍රණය තුල නාවික හමුදාව විසින් සිදු කරන කිසිදු මෙහෙයුමකින් නාවික හමුදාව ඉවත් වී නොමැති බවත්, ඒ සියළු කටයුතු සඳහා නාවික හමුදාවේ උපරිම දායකත්වය ලබා දෙමින් කටයුතු කරන බවත් මෙයින් අවධාරණය කෙරේ. එමෙන්ම මෙවැනි අසත්‍ය ප්‍රවෘත්ති පල කරන ආයතන සහ පුද්ගලයන් සම්බන්ධව නීතිමය පියවර ගැනීමට නාවික හමුදාව කටයුතු කර ඇති බව වැඩි දුරටත් දැන්වේ.