කොළඹ වරායේ නැගෙනහිර ජැටිය (ECT) සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ආයෝජනයට දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයින්ට ආරාධන කළ හැකි බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටී
අවශ්‍ය අරමුදල් සම්පාදනය “කොළඹ කොටස් වෙළෙඳපොළ” හරහා කර ගැනීමට කටයුතු කළ හැකි බවත් අමාත්‍යවරයා අද පවතී කැබිනට් මාධ්‍ය හමුවේදී පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ගම්මන්පිල අමාත්‍යවරයා මෙසේ පැවසුවේය ,
“වරාය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් තමන්ගේම අරමුදල් මෙන්ම ශ්‍රී ලංකා දේශීය මූලාශ්‍රවලින් ලබාගත් අරමුදල් ද උපයෝගී කර ගනිමින් නැගෙනහිර ජැටිය (ECT) සංවර්ධනය කිරීමට කටයුතු කරනවා. සැලකිය යුතු විදේශ ණය ලබා නොගැනීමට ශ්‍රී ලංකා රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙනවා එයින් විනිමය අනුපාතයට බලපෑමක් වෙන නිසා. ඔබ දන්නා පරිදි ශ්‍රී ලංකාව මේ වන විට විශාල විදේශ ණය බරක් දරමින් සිටිනවා. ශ්‍රී ලංකා රජය විසින් විශාල විදේශ ණය සඳහා නොයෑමේ ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති අතර ඒ නිසා ඔබ පෙන්වා දුන් පරිදි කිසිදු විදෙස් ණය ලබා දීමක් සම්බන්ධයෙන් මේ වෙන කොට සැලකිල්ලක් දක්වන්නේ නැහැ. කෙසේ වෙතත් නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීම සඳහා දේශීය ණය ලබා ගැනීමට වරාය අධිකාරියට කළ හැකියි.“