නැගෙනහිර පළාතේ සියලු පාසල් හෙට සිට ලබන සිකුරාදා දක්වා වසා තැබීමට බලධාරීන් තීරණය කර ඇත.
ගිණිකොනදිග මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩනය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී නැගෙනහිර කලාපයට ඇතුළු වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ වනවිට රතු නිවේදනයක් නිකුත් කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සඳහන් කළේය.
මෙම තත්ත්වයෙන් පීඩාවට පත්වන ජනතාවට අවතැන් කඳවුරු ලෙස පාසල් භාවිත කිරීමට ද සිදුවිය හැකි බව ද ඇය සඳහන් කළා ය.
අයහපත් කාලගුණ තත්ත්වයෙන් ඇතිවිය හැකි සුළිකුණාටු, අධික වර්ෂාව නිසා සිදුවන ජල ගැලීම් වැනි ආපදාවන්ගෙන් ජනතාව බේරා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය මාධ්‍ය වෙත පැවසුවාය.