කාශ්මීරයේ මතුව ඇති අර්බුදයට මැදිවී අසරණ වූ ඉන්දියාවේ සිටින මුස්ලිම් කාන්තාවන් බව පවසමින් මෙරට නැගෙනහිර විශ්වවිද්‍යාලයේ 2019 නවක වදයට අදාළ වීඩියෝවක් ව්‍යාජ ලෙස මුදාහරිමින් ඇතැයි ඉන්දීය මාධ්‍ය චෝදනා කරයි.
තත්පර 30ක පමණ වන මෙම වීඩියෝව කාශ්මීරයේ බවට ව්‍යාජ සටහනක් යොදා මුදාහැර තිබුණේ muslims of 21st century නම් ෆේස්බුක් පිටුවක් මගිනි.
මුස්ලිම් ජනතාව වෙනුවෙන් පෙනීසිටින බව පෙන්වන මෙම ෆේස්බුක් පිටුව ජනතාව නොමග යවන බවට ඉන්දියාව චෝදනා කරයි.
මෙම වීඩියෝව මේ වසරේදී මෙරට නැගෙනහිර විශ්වවිද්‍යාලයේ නවකවදය දෙන අවස්තාවක ගත් වීඩියෝවක් බවට හෙළිවී තිබේ.
ජම්මු-කාශ්මීරය සම්බන්ධයෙන් ඉන්දියාව පසුගියදා ගත් ඓතිහාසික තීරණයක් නිසා එහි අලුතින් අර්බුදකාරී වාතාවරණයක් ඇතිවී තිබෙන මොහොතක ලොව පුරා මුස්ලිම් ජනතාව මෙන්ම සෙසු ජනතාවද නොමග යවනසුලු මෙවැනි ප්‍රචාර පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසත් දුටු පමණින් කිසිවක් පිළිනොගන්නා ලෙසත් ඉන්දියාව ඉල්ලා සිටියි.
ආන්දෝලනාත්මක වීඩියෝව පහතින් දැක්වේ.
