නැති වූ ෆෝන් හොයන්න අලුත් ක්‍රමයක්

Picture of අසංක

අසංක

අස්ථානගත වූ දුරකථන සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීම සඳහා නවතම ක්‍රමයක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව පියවර ගෙන ඇත.


ශ්‍රී ලංකා පොලිසිය සමග එක්ව මෙම නව රමය දියත් කිරීමට සැලසුම් කර ඇත.


නව ක්‍රමවේදය අනුව යම් පුද්ගලයෙකුගේ දුරකථනය අස්ථාන ගතවුවහොත් ඒ සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ ඊට අදාළ පැමිණිලි කිරීමට අවස්තාව උදාවේ .

www.ineed.police.lk/ යන වෙබ් අඩවිය ඔස්සේ අදාළ පැමිණිල්ල සිදුකරකල හැක .