නිමල් සිරිපාල ද සිල්වා ශ්‍රීලනිපයෙ ජනාධිපති අපේක්ෂකයා

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත්කිරීමට එම පක්ෂයේ පිරිසක් මේ වනවිට සූදානම් වෙමින් සිටී .
මේ පිලිබඳ යොජනාවක් එම පිරිස විසින් දැනටමත් පක්ෂ නායකත්වය වෙතද යොමුකර ඇති බව වාර්තාවේ.

ඒ නුව යම් හෙයකින් ඉදිරි ජනපතිවරණය සඳහා ශ්‍රී ලනිපය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් නොවන්නේනම් ඒ වෙනුවට නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කල යුතු බව මෙම පිරිසේ අදහස වී ඇත.

මෙම මතයේ සිටින ශ්‍රීලනිප කණ්ඩායම අතර එම පක්ෂයේ ප්‍රධාන පෙලේ නිලධාරීන් කිහිපදෙනෙකුද වන බව වාර්තාවේ.