පැතුම් වික්‍රමරත්න
යුක්‍රේන සංචාරකයින්ගේ සීගිරි හා පොළොන්නරු සංචාර අවලංගු කර තිබෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදල නිවේදනය කර සිටී.
මධ්‍යම සංස්කෘතික අරමුදල පැවසුවේ පෙරේදා දිනයේදී යාල වනෝද්‍යානයේ සංචාරයේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය නොකළ බවට නැගුණ චෝදනා හේතුවෙන් සංචාරක අමාත්‍යාංශය විසින් මෙම සංචාරය අවලංගු කර ඇති බවයි.
මෙරටට පැමිණි යුක්‍රේන සංචාරකයින් පිරිස ඊයේ (04) හා අද(05) පොළොන්නරුව සහ සීගිරිය ආශ්‍රිත ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතව තිබූ බව මධ්‍යම සංස්කෘතික අරමුදල ඊයේ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දුන්නේය.
ඒ හේතුවෙන් ඊයේ දහවල් 1.00 සිට පොළොන්නරුවේ සංචාරක ස්ථාන 4ක් හා අද (05) දහවල් 12.00 දක්වා සීගිරිය සංචාරක කලාපය දේශීය සංචාරකයින්ට විවෘත නොකෙරෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදල මීට පෙර දැනුම් දී තිබුණි.
ඒ අනුව දේශීය සංචාරකයින්ට විවෘත නොකෙරෙන බවට මිට පෙර දැනුම් දී තිබු පොළොන්නරුවේ සංචාරක ස්ථාන මෙසේය.
01. පරක්‍රම මාළිගා සංකීර්ණය
02. දළඳා මළුව
03. ශිව දේවාලය (අංක 02)
04. ආලාහ පිරිවෙන සංකීර්ණයට අයත් රන්කොත් වෙහෙර, ලංකාතිලක වෙහෙර, කිරි වෙහර, ගල් විහාරය, තිවංක පිලිම ගෙය, නෙළුම් පොකුණ