නිරිතදිග මෝසම් වැස්ස සක්‍රීය වෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මේ වන විට නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද දිනයේ බස්නාහිර ,සබරගමුව, මධ්‍යම .වයඹ සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි ඇති විය හැකි අතර නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස 2.න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

දිවයින පුරා සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 40 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.