නිරෝධායනයට අකමැති වූ සිංගප්පූරු වැසියෙකුගේ පාස්පෝට් අවලංගුයි

Picture of අසංක

අසංක

සිංගප්පූරුවේ නිරෝධායන නීතී රීතීන්ට අනුකූලව කටයුතු නොකළ එරට වැසියෙකුගේ විදෙස් ගමන් බලපත්‍රය අවලංගු කිරීමට සිංගප්පූරු රජය පියවර ගෙන ඇත.

ඉන්දුනීසියාවේ සිට එරටට පැමිණි සිංගප්පූරු ජාතිකයෙකුට එරෙහිව එරට රජය මෙලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සඳහන් කර සිටී

මේ වනවිට සිංගප්පූරුව තුල කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා දැඩි නීතිමය ක්‍රියාමාර්ග දියත් කර ඇති අතර , විදේශ ගමන් පිළිබඳව වැරදි තොරතුරු ලබාදෙන ඕනෑම රටවැසියෙකුට එරෙහිව නඩු පැවරීම සඳහාද නීතිමය ප්‍රතිපාදන සලසා ඇත.