නිල් මැණික් බුදුරුවක් කෝටි 600කට විකුණන්න ගිය 4ක් මාට්ටු

Picture of අසංක

අසංක

පෞරාණික නිල් මැණික මගින් නිර්මාණය කරන ලද අඟල් දෙකක් තරම් වූ බුදු පිළිමයක් රුපියල් කෝටි 600කට විකිණීමට සූදානම් කර තිබියදී මොණරාගල කුඹුක්කන ප්‍රදේශයේ සැකකරුවන් 4 දෙනෙකු සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අවුරුදු 20 26 30 40 වයස්වල පසුවන පුද්ගලයෝ වෙති.

ඔවුන් රඹෑව, අනුරාධපුරය, පේරාදෙණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .