නිවසේ සිටින සුරතලුන්ගෙන් කෝවිඩ් බෝවන බවට මෙතෙක් වාර්තාවී නැහැ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් වෛරසය සතුන්ගෙන් මිනිසාට බෝවන  බවට මෙතෙක් හඳුනාගෙන නොමැති බව ශ්‍රී ලංකා පශු වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කර සිටී .

ඒ අනුව දෙහිවල සත්ත්ව උද්‍යානයේ සිංහයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමත් සමග සතුන් හරහා වෛරසය ආසාදනය වන බවට පැතිරයන ප්‍රකාශයන්වල සත්‍යතාවක් නොමැති බවද එම සංගමයේ  සභාපති වෛද්‍ය ඵරන්දික ගුණවර්ධන මහතා ප්‍රකාශ මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත   .

නිවසේ වාසය කරන සුරතල් සතුන්ගෙන් මෙම වෛරසය මිනිසාට බෝවිය හැකි අවස්ථාවක් ලෝකයේ මෙතෙක් වාර්තා වී අනති බවත් ගුණවර්ධන මහතා මෙහිදී සඳහන් කර ඇත .

කෙසේ වෙතත් මේ පිළිබඳව ලොව පුරා තවදුරටත් පර්යේෂණ සිදුකෙරෙන බවද ඒ මහතා සඳහන් කර ඇත .

මේ පිලිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය වී ඇත්තේද මෙලෙස සතුන් හරහා මිනිසුන්ට කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය විය හැකි බවට තහවුරු කල හැකි වාර්තා කිසිවක්   මෙතෙක් ලැබී නොමැති බවයි .