නිසි පරීක්‍ෂාවකින් තහවුරු නොවන කිසිදු කොරෝනා ඖෂධයක් මෙරට තුල භාවිතයට ගන්නේ නැහැ – සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් 19 පාලනය කිරීම සදහා යොදා ගැනීමට නියමිත කිසිදු  ඖෂධයක් හෝ එන්නතක් නිසි සායනික පරික්ෂාවකින් තහවුරුවන තුරු මෙරට තුල භාවිතා නොකරන බව  ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අවධාරණය කර සිටී

කොවිඩ් 19 පාලනය කිරීම සදහා ලෝකයේ ඉදිරිපත්ව ඇති එන්නත් මෙරට කොවිඩ් 19 පාලනය කිරීම සදහා යොදාගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් විශේෂඥ මතය විමසා බැලීමට ලංකාවේ ඉහළම පෙලේ වෛරස් සහ ක්ෂුද්‍රජීවී පිළිබද විශේෂඥයින් පිරිසක්  සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති සාකච්ජාවකදී අමාත්‍යවරිය මේ බව පැවසීය

වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය සදහන් කලේ වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් ලබාදෙන ඔිනෑම ඖෂධයක් හෝ එන්නතක් මිනිස් ශරීරයට අහිතකර නොවන බවට තහවුරු වීම අත්‍යාවශ්‍ය වන බවත් එමගින් ඇතිවන සංකූලතා, අතුරු ආබාධ පිළිබදවද නිවැරදි තක්සේරුවක් තිබිය යුතු බවයි.

කොවිඩ් 19 සදහා ලෝකයේ මේවන විට ඉදිරිපත්ව ඇති ඔක්ස්ෆර්ඩ්, ෆයිසර්, ස්පුට්නික් සහ සිනොවැක් යන එන්නත් වර්ග 04 සම්බන්ධයෙන් මූළීක අවධානයක් යොමුවූ අතර වෙන් වෙන් වශයෙන් එම එන්නත්වල වෛරසයට එරෙහිව ප්‍රතික්‍රියා කිරීමේ ප්‍රතිශතය, එය ගබඩා කර තැබීමේ උෂ්ණත්වය, ඒ සදහා වන වියදම ආදී කරුණු පිළිබදව සාකච්ඡාවිය. එම එන්නත් පිළිබදව සංසන්දනාත්මකව විමසා බැලීමක්ද සිදුකල අතර තවදුරටත් මේ පිළිබදව අධ්‍යයනය කර විශේෂඥ අදහස් ඉදිරිපත් කරන ලෙස අමාත්‍යවරිය විසින් දන්වන ලදි.

මෙම සාකච්ඡාව සදහා ප්‍රාථමික සෞඛ්‍ය සනිසි විද්වා‍යාත්මක පරීක්‍ෂාවකින් තහවුරු නොවන , වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, වසංගත රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර, මහාචාර්ය ජෙනිෆර් පෙරේරා, මහාචාර්ය නීලිකා මලවිගේ, වසංගත රෝග විද්‍යායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සමිත ගිණිගේ යන මහත්ම මහත්මීන් ඇතුළු විශේෂඥ වෛද්‍යවරු පිරිසක් එක්වූහ.