“නිහැඬියාවේ හඬ” විජයබාහු පාබල රෙජිමේන්තු රණවිරු සැමරුම

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකාද්වීපයේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය සහ ස්වාධීනත්වය උදෙසා පුරා දශක තුනකට ආසන්න කාලයක් ම්ලේච්ඡ ත්‍රස්තවාදීන්ට එරෙහිව අභීතව සටන් වැද, සිය මාතෘ භූමියෙන් ත්‍රස්තවාදී උවදුර මුලිනුපුටා දමා සකල ලක්වාසීන්ට බියෙන් හා සැකයෙන් තොරව ජීවත් විය හැකි නිදහස් නිවහල් දේශයක් උරුම් කර දෙනු වස්,

සිය ප්‍රාණ වායුව මාතෘ භූමිය උදෙසා කැපකළ විජයබාහු පාබල රෙජිමේන්තුවෙහි අභීත රණවිරුවන් අනුස්මරණය කිරීම උදෙසා සංවිධානය කරන ලද “නිහැඬියාවේ හඬ” අභිමානවත් රණවිරු සමරු උත්සවය, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ විජයබාහු පාබල රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඒ කාරියකරවන වීඑස්වී යූඑස්පී එන්ඩීසී මැතිතුමන්ගේ උදාර සංකල්පයකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් එන්යූඑම්එම්ඩබ්ලිව් සේනානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී යූඑස්ඒසීජීඑස්සී මැතිතුමන්ගේ පූර්ණ මඟ පෙන්වීම මත, 2019.03.03 වන දින  පෙරවරු 0830 පැයට විජයබාහු පාබල රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභියසදී අභිමානවත් අයුරින් පැවැත්වේ.

විජයබාහු පාබල රෙජිමේන්තුවට අයත් නිලධාරීන් 132 ක් සහ සෙසු නිලයින් 2268 දෙනෙකු මාතෘ භූමිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කර ඇති අතර එම රණවිරුවන්ගේ ආදරණීය දෙමව්පියන්, බිරින්දෑවරුන්, දුවාදරුවන් සහ ලඟම ඥාතීන් ඇතුළු පවුල් වල සාමාජිකයන් 5000 කට අධික පිරිසක් ඇතුළු විජයබාහු පාබල රෙජිමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්,  නිලධාරීන් සහ සෙසු නිලයින් විශාල පිරිසක් මෙම අභිමානවත් අවස්ථාව සඳහා සහභාගී විමට නියමිතයි

.