දම්පත් රණසිංහ
මෙරට රැදී සිටිමින් ජනතාවට සේවය කිරීම තම කැමැත්ත බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම්දෙමින් කැනඩාවේ නව මහ කොමසාරිස් ධුරය නීතිපති දප්පුල ලිවේරා මහතා ප්‍රතික්ෂේප කර තිබේ.
තව නොබෝ දිනකින් විශ්‍රාම ගැනීමට නියමිත නීතිපති දප්පුල ලිවේරා මහතාව කැනඩාවේ නව මහකොමසාරිස් ලෙස පත්කිරීමට යෝජනා වී ඇත.
ඒ සම්බන්ධයෙන් නීතිපති දප්පුල ලිවේරා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්තූතියද පලකර තිබේ.
නීතිපති සම්බන්ධිකරණ නිලධාරීනි නිශාරා ජයරත්න මෙනවිය සදහන් කරනු ලැබුවේ ජනාධිපතිවරයාට ඔහු සදහන්කර ඇත්තේ සිය කැමැත්ත ඇත්තේ මෙරට රැදී සිටිමින් ජනතාවට සේවය කිරීම බවය.
2019 වසරේ මැයි මාසයේ සිට 2021 වසරේ මැයි මාසය දක්වා දෙවසරතුළ දප්පුල ලිවේරා මහතා සිය නීපතිධූරකාලය තුළ අපරාධ නඩු 27,206 ක් සම්බන්ධයෙන් කටයුතු නිමකර ඇත.