ඉන්දියාවේ සිට නීතිවිරෝධී සංක්‍රමණිකයින් මෙරටට ඇතුළු විය හැකි බැවින් ඔවුන් හරහා සමාජයට කොවිඩ් වසංගතය පැතිරි යෑමේ වැඩි අවධානමක් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අනතුරු අඟවා සිටී.
ඒ අනුව මෙම නීති විරෝධී සංක්‍රමණිකයින් පාලනය කිරීමට නිසි ක්‍රමවේදයක් තිබීම අත්‍යාවශ්‍ය බවද සමරවීර මහතා මාධ්‍ය වෙත පැවසීය.
කෙසේ වෙතත් PCR පරීක්ෂණ සමාජය තුළ සිදුකරනු ලැබුවත් කිසිදු රෝගියෙකු මේ දක්වා සමාජයෙන් වාර්තා වී නොමැති බවද මෙහිදී වෛද්‍ය සුදත් සමරවීර වැඩිදුරටත් කියා සිටියේය.