නෙදර්ලන්තයේ ජිනවංශ හිමිගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හමුවූ දේ

Picture of අසංක

අසංක

දොඩන්දූවේ කළපුවෙන් හමුවූ නෙදර්ලන්තයේ ජිනවංශ ස්වාමින්වහන්සේගේ පෙනහළු තුළ ජලය සහ වැලි හමුවූ බවට දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී තිබේ.

මියයාමට හේතුව පිළිබඳ විවෘත තීන්දුවක් ලබාදී ඇත.

කෙසේවෙතත් පෙනහලු තුළ තිබී හමුවූ ජලය කළපුවේ ජලය ද යන්න වෙනම පරීක්ෂණයක් සිදුකරන අතර මෙහි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සිදුකෙරේ.

උන්වහන්සේ ඉතා සිල්වත් ජීවිතයක් ගත කර ඇති අතර කළපුව ආශ්‍රිතව මාළු අල්ලන පිරිසට මාළු නොමරන්නැයි නිතර පැවසූ බව ගම්වාසීහු පවසති.

ජිනවංශ හිමියෝ දිගු කලක් තිස්සේ මෙරට තුළ භාවනානුයෝගීව වාසය කර ඇති අතර දින කිහිපයක් අතුරුදන් වීමෙන් පසු දේහය කොන්ක්‍රීට් ගල් කැටයක් පාදවල ගැට ගසා තිබී පසුගියදා හමුවිය.